ඔන්න ඉතින් දවසක් සුපුරුදු විදියට scooby doo team එක එකතු වෙලා හොරු, හොල්මන් අල්ලන්න plan කරාලු. සුපුරුදු විදියට ෆ්රෙඩ් කිව්වලු "හරි එහෙනම් කට්ටිය බෙදිලා යමු , ෂැගී scooby දෙන්නා අර පැත්තට ගිහින් බලන්න , වෙල්මා මේ පැත්ත බලන්න , ඩැෆ්නී මමයි මේ පැත්තට යන්නම්" කියලා. කට්ටිය කතා වුනා වගේ විසිරිලා ගියාලු.
ඔන්න ඉතින් දැන් කට්ටිය හොල්මන් හොයනවලු. ෂැගී scooby ගෙ හැටි දන්නවනෙ ඉතින් , ඔන්න මුන් දෙන්නා මොකක්ද එකකට බය වුන පාර පණ එපා කියලා සීසීකඩ දුවන්න ගත්තලු.
ඊට පස්සෙ ෂැගී scooby හොයනවා , scooby ෂැගී හොයනවා , දෙන්නට දෙන්න හොයාගන්න බැරිලු.
ඔන්න ඉතින් ඒ අතරෙ හිතාගන්න බැරි විදියට වැස්සක් කඩා පාත් වුනා. ෂැගී ළඟම තියෙන Building එකක් ඇතුලට ගිහින් බයේ බයේ ඉන්නකොට කවුද එනවා වගේ දැක්කා. ෂැගී තවත් බයවෙලා වෙව්ලන්නට ගත්තා.
" මොකද මෝඩයෝ ඔච්චර වෙව්ලන්නෙ "
ෂැගී ට සුපුරුදු කටහඬක් ඇහුනා. එතකොට කවුද කියලා බලද්දී තමයි දැක්කෙ මේ වෙන කවුරුත් නෙමෙයි අපෙ වෙල්මා කියලා.
0 Comments