( කෙටි නවකතාව - 01කොටස)

ගමම නිසලව සිටින ගොම්මන් වේලාවක සද්දයක් ඇහෙනවනම් ඇහෙන්නෙ වෙල ඉස්මත්තෙ කෑලෑවට වෙන්න තියෙන මහ නුග යට තියෙන රාධා අම්මගෙ දේවාලෙන් විතරයි. කටුමැටියෙන් වටකළ කුඩා දේවාලෙ ඇති පරණ මලකඩ කාපු පිළිම, රතු තිර, නිතර දැල්වෙන පහන්, සීනු හඬ යාතිකා මංතර හඬ.. මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි සතා සීපාවා ඉඳල ඔිනෙම කෙනෙකුගේ හිත තිගැස්සමකට පත් කරන තරම්.
"රාධම්මා" අමුතුම චරිතයක්.. තාමත් තනිකඩව ඉන්න, හතලිස් පහක් විතර වයසැති ඇය, දේවාලෙ අසලම පොඩි පැලක තනියම ජීවත් වෙනවා. රාධම්මාගේ ගමෙි මහ ගෙදර සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හිටියත් දැන් වසර කීපයක ඉඳලා එයා තනියම ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා.
දේවාල වටා ඇති කුඩා ඉඩමේ වගා කරගෙන කාටවත් අත නොපා ඉන්න එක එයාගෙ හැටියක්. පොඩි කාලෙ ඉඳලම බෙර සද්දෙකට පවා මායමිවෙලා දඟලන කොට මිනිස්සු කතා උනේ රාධම්මාට දේව ආරෑඩයක් තියෙනව කියල.
රාධම්මාගේ පෙනුම හරි අමුතුයි, මහ ගුප්තයි. ඒ වයසෙ ගමෙිම ගෑනු කලුවෙලා කේඩෑරි වෙලා හිටියට රාධම්මාගේ ඇඟ කහපාටට හුරුයි. හරියට තැඹිලි ගෙඩියෙ පාට වගේ. දේවාලෙට පුජා කරන පලතුරුම කාලා රාධම්මා ලස්සනට පාට වැටිලා කියලා ගමේ උං කතා වෙනව මම අහගෙන. ඒ උනාට මූන හරි නපුරු බය හිතෙන පෙනුමක්.
කිසි කෙනෙක් රාධම්මාට ඉහලින් වචනයක් කියන්න බයයි. මහ සද්දන්ත ශරීරයක්.. නිතර රතු සාලුවක් බෙල්ලෙ පටලන් ඉන්න හිංදා රාධම්මගේ විශාල පයෝදර මිනිස්සුන්ගෙ ඇහැ ගැටෙන්නෙ නෑ.
රාධම්මා පලි ගැහුවොත් ඒක සත්තයි කියල ගමේ විතරක් නෙමෙයි අහල ගමිවල පවා ප්රසිද්ධයි. ඒ හිංදම දේවාලෙ පාලුවට තිබුනෙ නෑ, කොහෙන් හරි කව්රු හරි රාධම්මගෙන් පිහිට බලාගෙන දේවාලෙට ආවා. ගෑනු පිරිමි කවුරුත්.
රාධම්මා දේවාලෙ යාතිකා විතරක් නෙමෙයි. සමහර ලෙඩ වලට බෙහෙත් හේත් පවා කරනවා. කොහොමත් රාධම්මගේ පිය පරම්පරාව වෙද පරමිපරාවක්. වාත, සෙම් අමාරු, නෂ්ඨකාම වගෙ ලෙඩ වලට රාධම්මා ප්රසිද්ධයි.
දරුඵල නැති අයත් ගොඩක් වෙලාවට දේවාලෙ හොයාගෙන එනවා. රාධම්මාටම ආවේනික බෙහෙත් ක්රම, වට්ටෝරු, කෙම්ක්රම, මංතර එයාම හොයාගත්ත එව්වා. දේව ආරූඪයෙන් බෙහෙත් කියනවා කියලයි කියන්නෙ.
රාධම්මා දේවාලෙන් පිට කොහෙ හරි යන්නෙ කලාතුරකින්. ඒ යන්නෙත් කාගෙ හරි ගෙදරක ශාන්ති කර්මෙකට විතරයි. සුදු චීත්තෙ ට උඩින් රතු රෙදි කෑල්ලක් පටලවගෙන, සුදු හැට්ටෙ වැහෙන්න සාටකයක් වගෙ රතු රෙදි පටියක් කරේ පටලවගෙන යන රාධම්මා දිහා මිනිස්සු බලං ඉන්නෙ පෙරහැරේ නිලමෙ යනකොට මිනිස්සු බලනවා වගෙ තේසජකින්.
ලඟකදි ඉඳන් පිට ගමක මහ සද්දන්ත පිරිමියෙක් රාධම්මාගේ දේවාලෙට නිතර යනව එනව. වයස හතලිකට කිට්ටු ඒ මිනිහා ගෑනු තුන් හතර දෙනෙක් එක්ක දීග කෑවට ටික කලකින්ම ඒ ගෑනු මේ මිනිහ අත හැරල යනව කියල මිනිස්සු කතා වෙනව. ඒ හිංදම මේ මනුස්සයා නෂ්ඨකාමෙට බෙහෙත් ගන්න රාධම්මා ලඟට යනව ඇති කියලයි මිනිස්සු කතා වූනේ. සමහර වෙලාවට රාධම්මාගේ කුඹුර, දේවාල වටා ඇති ගොඩ ඉඩම මේ මනුස්සයා වැඩ කරනව ගමේ අය දකිනව.
"සිරිසෝම" ඒ මනුස්සයාගෙ නම.
සිරිසෝම උදැල්ල කරේ තියාගෙන නියර දිගේ එනව බලන්න ගමේ තරුණ ගෑනු පවා ගස් පඳුරු අස්සෙ හැංගිලා ඉන්නවා, සරමි කොටයක් විතරක් ඇඳගෙන පපුවෙ මස්ගොබ නැලවෙන මවිල් පිරුණු සද්දන්තයා බලන්න.
සිරිසෝම වගෙ සද්දන්තයෙක් බලන්න එහෙම ගෑනු පොරකන එක අරුමයක්ම නෙවෙයි. මොකද ගමේ හුඟක් පිරිමි තරුණ උං පවා වැඩ කරලම කැහැටු ගැහුනු කේඩෑරි එවුං. මෙච්චර සද්දන්ත මිනිහෙක් දාලා යන ගෑනි මොකාද කියලමයි ගමේ උං ඒ දවස්වල කතාවෙන්නෙම.
සමහර රැයවල් තියෙනවා දේවාලෙ වැටේ හතර සීමා රතු කොඩි වැල් දාපු එහෙම දවසට කාටවත් දේවාල භූමියට ඇතුලට එන්න තහනම්. ඒදවස් වලට දේවාලෙ හතර මායිමේ පස් නොපාගන්න මිනිස්සු වග බලා ගත්තා. හැබැයි මොනව හරි පූජාවකට ලක ලෑස්ති කරපු මිනිස්සුන්ට එදාට දේවාලෙට යන්න අවසර තියෙනවා.
පොඩි කාලෙ ඉඳන්ම රාධම්මාගෙ වැඩ ගැන, දේවාලෙ ගැන කුතුහලයෙන් හිටපු මට මේ පූජා කර්ම ගැන, දේවාලෙ ගැන හොයා බලන්න තිබුනෙ මහ පිපාසාවක්. දේවාලෙ පෙනෙන තෙක් මානයේ අපෙ ගෙදර තිබුණු හිංදම බොහෝ වෙලාවට මගෙ ඇස් නිතර යොමු වෙන තැනක් වෙච්ච එකත් ඒ කුහුලට හේතු වුනා.
දවසක් අමාවක පෝය දවසක ඉර බැහැගෙන යනකොටම රාධම්මගෙ දේවාලෙන් ආපු බෙර සද්දෙ, ගෙජ්ජි සද්දෙ, පන්දමි එලි අද රෑ මොකක්දෝ පූජාවක් තියෙන බවට ඉඟි පල කල නිසා එය කෙසේ හෝ බැලිය යුතු යැයි මට හිතුනා. ඒත් දෙවොල වටා ඇති වැට, සීමා මායිම් ලකුණු කර ඇති ගොප්කොල ආරුක්කු වත්තට ඇතුළු වීමට මගෙ හිත බියක් ඇති කලා.
ඒත් රෑ අට නමය වෙනකොට උත්සන්න වෙන යාතිකා හඩ පන්දම් එලි මගේ කුහුල තවත් වැඩි කල නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල කළුවරේම මම වත්තට පිටින් වැට අයිනෙන්ම දේවාලෙ පැත්තට ගියා.
මම දැක්ක දෙයින් මොහොතකට මා සලිත උනා. දේවාලෙ දොරකඩ ඉස්සරහම පැදුරක් මත වැතිරී සිටින දෑවැන්ත මනුස්සයෙක් ඒ අසලම පන්දමක් අතින් ගත් රාධම්මා මායමෙන් මෙන් පොල් මලක් අතට ගෙන මොකක්දෝ යාතිකාවක් කරන ආකාරය දුරට පේනවා.
ඒත් බිම නිදා සිටින මිනිසා කවුරුන්දැයි හරියට පේන්නෙ නෑ. මම තවත් කිට්ටුවට ගියෙ බිම සිටින මිනිසා කවුරුන්දැයි හොඳින් දැක ගන්න. ඇඟ පුරා තෙල් තවරා බිම අසිහියෙන් මෙන් උඩුමැලිව වැතිරී සිටින ඒ මිනිහා සිරිසෝම බව හඳුනගන්න මට අපහසු උනේ නෑ.
මතු සම්බන්දයි...
#සිංහල_වැල_කතා_24x7
0 Comments